ජයග්‍රහණ
SLT Research University මගින් සංවිධානය කරනු ලැබූ Technomind සමස්ත ලංකා Robotic තරගාවලියේ පාසල් අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් තුන්වන ස්ථානයත් ලබාගනිමින් විද්‍යාලයට අභිමානයක් ලබාදීම.
2023 පළාත් කණිෂ්ඨ කරාතේ ශූරතාව සමඟ රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 6ක් ජයග්‍රහණය කිරීම.
විද්‍යාලයීය ශිෂ්‍යාවක වන දුමිනි දිසානායක ශිෂ්‍යාව ජාතික මහා ක්‍රීඩා උළෙල 2023 හි 52 kg බර පන්තියෙන් Wushu Fightingහි සබරගමුව පළාත නියෝජනය කරමින් ඉදිරිපත් වී ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීම.
සමස්ත ලංකා පාසල් 15න් පහළ පිරිමි ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටයට විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සුදුසුකම් ලැබීම.
20න් පහළ බාලිකා පළාත් අනුශූරතාවය සමඟින් සමස්ත ලංකා තරග සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද ඇතුළු ව ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීම.
- 2023 සබරගමු පළාත් මලල ක්‍රීඩා තරග- බාලිකා සහය දිවීම පළාත් සමස්ත අනුශූරතාවය,
- 2023 කෑගල්ල කලාප මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවය ද සමස්ත බාලක ශූරතාවය ද ලබාගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීම.
- සබරගමුව පළාත් ක්‍රීඩා 2023 - කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීම.
- 14න් පහළ ගැහැණු - Freestyle relay – 3 ස්ථානය






