විදුහල්පති පණිවිඩය
J.A.I.U.ජයකොඩි
නිදහස් අධ්‍යාපනයේ පියාණන් වන ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර ශ්‍රීමතාණන් නිර්මාණය කළ ආරම්භක මධ්‍ය විද්‍යාල 54 තුළ ඇති අභිමානවත් පාසලක් වන කෑගල්ල පුරවරයේ,වරකාපොළ අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,2022 වසරට අවුරුදු 108ක් හා මධ්‍ය විද්‍යාලයක් ලෙස අවුරුදු 76ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් පායි.අධ්‍යාපන සංවර්ධනය,භෞතික සම්පත් සංවර්ධනය හා විෂය සමගාමී ක්ෂේත්‍රයෙන් විෂිශ්ඨ සංවර්ධනයක් ලබමින් සිටින මෙම පාසලේ විදුහල්පති ලෙස රාජකාරි කිරීමට ලැබීම මා ලද භාග්‍යක් ලෙස සලකමි.
ආචාර්ය මණ්ඩලය 195ක් අනධ්‍යනය කාර්ය මණ්ඩලය 65ක් සමඟ සිසුන් 3000ක් අධ්‍යාපනය ලබන පාසලක් ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ද,නවීන තාක්ෂනය භාවිතයෙන්ද,ඉතා දිගු ගමනකට හිමිකම් කියයි.තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ නිළ වෙබ් අඩවිය ආරම්භ කරමින් ඉදිරියේදී පාසලේ සිසු දරු දැරියන්ගේ ක්‍රියාකාරකම් හා දක්ෂතා පාසල් ප්‍රජාවට හා සියලුම දේශීය විදේශීය වෙබ් අඩවිය භාවිතා කරන ඔබ සැමට පරිශීලනය කිරීමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි
J.A.I.U.ජයකොඩි
විදුහල්පති (SLEAS-I, BSc, PGDE, MEd, ADEM, NDE.)
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය.






