ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

නිර්මාතෘවරු

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

 

1914 වර්ෂය තරම් ඈත කාලවකවානුවක අතැර දමා තිබූ පොල් අතු සෙවිලි කළ හිස් ගොඩනැගිල්ලක රදාවානේ රාළහාමි නම් ප්‍රභූවරයෙකු හා ගම්වාසීන් මැදිහත් වීම මත මෙහි ආරම්භය සිදුව ඇත.

ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයට අමරණීය වසරක් වූ 1945, කීර්තිමත් අධ්‍යාපන ඇමතිවරයෙකු වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපන පනත යටතේ “ මධ්‍ය විද්‍යාල සංකල්පය ” ක්‍රියාවට නැඟුණි. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වූ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ බලවත් උද්යෝගය හේතුවෙන් දැදිගම ආසනයට මධ්‍ය විද්‍යාලයක් ලබා දීමට තීරණය විය. විවිධ සොයා බැලීම් හා තීරණ අනුව අවසානයේ තෝලංගමුව ප්‍රදේශය ඒ සඳහා තෝරා ගැනීමට එකඟතාවය පළ කර ඇත. මෙහි දී මධ්‍ය විද්‍යාලයට ප්‍රමාණවත් භූමියක අවශ්‍යතාව පැන නැඟී ඇති බැවින් එම අවස්ථාවේ ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ දානපති විජේසුන්දර රාළහාමි විසින් පාසලට අවශ්‍ය අක්කර 2 ක පමණ ඉඩමක් පරිත්‍යාග කිරීමට එකඟතාවය පළ කර ඇත.