ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • ඉන පටිය නොපැළදිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර මේස්වල වර්ණයද කළු පැහැති විය යුතු වේ, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

  • කොණ්ඩය මැදින් බෙදා කොණ්ඩ කරල් 02 ක් යන සේ ගොතා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ වම් කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • ගවුමේ ඉන අවශ්‍ය ප්‍රමානයට වඩා පහලින් නොවිය යුතුය.
  • ගවුමේ උස දණ හිස වැසෙන සේ ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
  • කළු පාට සපත්තු හා සුදු මේස් පැළදිය යුතුය.
  • කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
  • කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
  • ගවුමේ බද පටිය වඩා පලල් නොවිය යුතුය,බද පටිය සදහා කටු පාවිච්චි නොකළ යුතුය, විවරය අගල් 03 ක් හෝ 04 ක් විය යුතුය, විවර පියවීමට හක්ස්, අයිලට්, බොත්තම් හෝ තොණ්ඩු මිස කටු පවිච්චි නොකල යුතුය.