ජයග්‍රහණ
2019 වසරේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන් කලාපයේ 3 වන ස්ථානය ලබා ගැනීම හා සිසුන් 352 ක් අතරින් 231 ක් සමත් වීම හා ළමුන් 93 ක් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීම.
ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 16න් පහළ බාලක මීටර් 400 තුන්වන ස්ථානය- කේ.එච්. චමිඳු සත්සර හේවගේ සිසුවා දිනා ගන්නා ලදී.
ශ්‍රී ලංකා පාසල් කණිෂ්ඨ කරාතේ ශූරතාවලිය 2024- කාතා (තුන්වන ස්ථානය) හා කුමිතේ (තෙවන ස්ථාන දෙකකි.)
තවද සබරගමුව පළාත් සමස්ත සහය දිවීමේ බාලක ශූරතාවය අප සතු වීම විශේෂ අවස්ථාවකි. ඒ සමඟ පහත ජයග්‍රහණ ද විය.
මෙහි දී 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා නව වාර්තාවක් සමඟින් මෙම විද්‍යාලයෙන් බිහි වූ අතර 20න් පහළ බාලිකා රිටි පැනීම ප්‍රථම ස්ථානය ද අප සතු විය.
- නෙට් බෝල් තරග වල දී 16,18 හා 20න් පහළ කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් ශූරතාවය ද කලාප මට්ටමින් 20න් පහළ අනුශූරතාවය ද දිනා ගන්නා ලදී.
- වොලිබෝල් ක්‍රීඩා තරග වලින් 16න් 18න් හා 20න් පහළ බාලිකා කණ්ඩායම් කොට්ඨාස තරග ශූරතාවය දිනා ගනිමින් කලාප තරග සඳහා සහභාගී වූ අතර ඉන් 16න් හා 20න් පහළ කණ්ඩායම් කලාප ශූරතාවය දිනා ගන්නා ලදී. 20න් පහළ බාලක කණ්ඩායම කොට්ඨාස අනුශූරතාවය දිනා ගැනීම සිදු විය.
- කාන්තා ක්‍රිකට් කලාප soft ball ශූරතාවය දිනා ගැනීම.
- 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සමස්ත ලංකා හොඳම කණ්ඩායම් 16 අතරට තේරීම. කාන්තා ක්‍රිකට් 16න් පහළ Hand Tennis – දිස්ත්‍රික් අනුශූරතාවය දිනා ගැනීම.






