ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ අමරණීය සන්ධිස්ථානයක් ලෙස කන්නන්ගර ශ්ර්රීමහතානන්ගේ මධ්‍ය විද්‍යාලීය සංකල්පය තුළින් නිර්මිත වූ ප්‍රථම මධ්‍ය විද්‍යාල 54 අතරින් එකක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විදුහල් පියස අද ලක් දෙරණේ මෙන්ම ජාත්‍යන්තරයේ දීප්තිමත් දරු කැලක් බිහි කරමින් සිටී.1914 වර්ෂය තරම් ඈත කාලවකවානුවක අතහැර දමා තිබූ පොල් අතු සෙවිලි කළ හිස් ගොඩනැගිල්ලක රදාවානේ රාළහාමි නම් ප්රභූවරයෙකු හා ගම්වාසීන් මැදිහත් වීම මත මෙහි ආරම්භය සිදුව ඇත.මුල් යුගයේ සමාගම් පාසලක් ලෙස පාලනය වූ අතර 1925දී රජයට පවරාගෙන ඇත.1926 වසරේදී ස්වභාෂා පාසලක් බවට පරිවර්තනය වූ අතර එවකට විදුහල්පති ධූරය දරන ලද්දේ ඩී.ඊ.මායාදුන්නේ මහතාය.
1929 පෙබරවාරි 14 දින මෙම පාසල වර්තමාන භූමිභාගයෙහි ස්ථාපනය වීම අමරණීය වූ සිහිවටනයක් විය.අනතුරුව මෙය සිංහල මිශ්‍ර පාසල ලෙස හැදින්වූ අතර තෝලංගමුව ග්‍රාමයට නවෝදයක් උදා කර දෙන ලදී.තවලං මගින් ගමනාගමනය සිදු කළ සමයක මිනිසුන් රාත්‍රිය ගත කළ ප්‍රදේශයක් වූවෙන් "තවලංගමුව" වූ මෙම ප්‍රදේශය ව්‍යවහාරයේ පහසුවට "තෝලංගමුව" වූ බවට ජනවහරේ පවතී.සේනානි භූමිභාගය ඓතිහාසික වශයෙන් වැදගත් පුණ්‍ය භූමියක් බවට සනාථ කරන සාධක එම්.කේ.ජයසේන නම් වූ කතුවරයානන්ගේ "දේව වංශය සහ සිංහල රජ පෙළපත" ග්‍රන්ථයෙන් සාක්ෂි සපයයි.

"කීරවැලිවත්ත යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන තෝලංගමුව මධ්‍ය විද්‍යාලය පිහිටි භූමිභාගයයි.හේමමාලා සහ දන්ත කුමරු දළදාව සමග පැමිණියේ සිය ඥාතිගම හෙවත් දැදිගමටය.එසේ පැමිණි ඔවුන් දෙදෙනා තාවකාලිකව නැවතී සිටියේ මෙම භූමිභාගයේය."
උපුටා ගැනීම-දේව වංශය සහ සිංහල රජ පෙළපත
|
ආරම්භ කළ වර්ෂය |
1914 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
J.A.I.U.ජයකොඩි |
|
පාසල රජයට පවරාගත් වර්ෂය |
1925 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝලංගමුව ග්‍රාමයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඒ.ජේ.ධර්මදාස |
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සංකල්පයකට නිර්මිත වූ අප විදුහල් මාතාව, මේ වන විට උදාර වූ 79 වසර පසු කරමින් සිටින අතර වර්තමානය වන විට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියට උසස් කරන ලද ජාතික පාසලක් බව අභිමානයෙන් කිව හැකිය. නැණ ගුණ සපිරි විශිෂ්ටයන් බිහි කිරීමේ දැක්ම මුල් කරගෙන සිසුන් 3000කට ආසන්න පිරිසකට මඟ පෙන්වීම් කරන සුදුසුකර්මලත් අත්දැකීම් බහුල, විෂය ප්‍රාමාණික, උගත් 190ක ආචාර්ය මණ්ඩලයක් හා සිය සේවය කැපවීමෙන් කිරීමට උත්සුක වන අනධ්‍යයන කාර්ය මණ්ඩල මහත්ම මහත්මීන් 54කින් විද්‍යාලයීය කාර්ය මණ්ඩලය පොහොසත් වේ. එයට අමතරව විෂය ක්ෂේත්රයේ අවශ්‍යතා මත පාසල් සංවර්ධන සමිති ආධාරයෙන් වැටුප් ලබන ගුරුභවතකුගේත්, සහන මුරකරුවකුත්, වතු කම්කරුවකුගේත්, ක්‍රීඩා පුහුණුකරුවන් නව දෙදෙනෙකුගේත් සේවය ලබා දෙන්නේ පාසලේ අවශ්‍යතාවය අනුවය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසල ද වන මෙම සොඳුරු තක්සලාවේ අතීත ගමන් මග කෙරෙහි අවධානය යොමු කරමු.
1914 වර්ෂය තරම් ඈත කාලවකවානුවක අතැර දමා තිබූ පොල් අතු සෙවිලි කළ හිස් ගොඩනැගිල්ලක රදාවානේ රාළහාමි නම් ප්රභූවරයෙකු හා ගම්වාසීන් මැදිහත් වීම මත මෙහි ආරම්භය | සිදුව ඇත. මුල් යුගයේ සමාගම් පාසලක් ලෙස පාලනය වූ අතර 1925දී රජයට පවරාගෙන ඇත. 1926 වසරේ දී ස්වභාෂා පාසලක් බවට පරිවර්තනය වූ අතර 1926.06.14 දින සිට 1928.07.13 දක්වා විදුහල්පති ධූරය දරණ ලද්දේ එච්.ආර්. ගුණරත්න මහතාය.
1929 පෙබරවාරි 14 දින මෙම පාසල වර්තමාන භූමි භාගයෙහි ස්ථාපනය වීම අමරණීය වූ සිහිවටනයක් විය. එවකට විදුහල්පති ධූරය දරණ ලද්දේ ඩී.ඊ. මායාදුන්නේ මහතාය. අනතුරුව මෙය සිංහල මිශ්‍ර පාසල ලෙස හැඳින් වූ අතර තෝලංගමුව ග්‍රාමයට නවෝදයක් උදා කර දෙන ලදී. තවලං මඟින් ගමනාගමනය සිදු කළ සමයක මිනිසුන් රාත්‍රිය ගත කළ ප්‍රදේශයක් වූයෙන් මෙම ප්‍රදේශය තවලංගමුව ” වූ බවට ජනවහරේ පවතී. මෙම භූමිභාගය ඓතිහාසික වශයෙන් වැදගත් පුණ්‍ය භූමියක් බවට සනාථ කරන සාධක එම්.කේ. ජයසේන නම් වූ කතුවරයාණන්ගේ “දේව වංශය සහ සිංහල රජ පෙළපත” ග්‍රන්ථයෙන් සාක්ෂි සපය යි.
“ කීරවැලි වත්ත යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන තෝලංගමුව මධ්‍ය විද්‍යාලය පිහිටි භූමිභාගය යි. හේමමාලා සහ දන්ත කුමරු දළඳාව සමඟ පැමිණියේ සිය ඥාතීන් පදිංචි වී සිටි ඥාතිගම හෙවත් දැදිගමට ය. එසේ පැමිණි එවුන් දෙදෙනා තාවකාලිකව නැවතී සිටියේ මෙම භූමි භාගයේ ය. "
උපුටා ගැනීම - " දේව වංශය සහ සිංහල රජ පෙළපත (පිටුව 98). ”
1942 න් පසු මෙම විද්‍යාලය ග්‍රාමීය මිශ්‍ර පාසල ලෙස නම් වූ අතර එවකට විදුහල්පති තනතුර හෙබ වූයේ ඩී.එම්. රණසිංහ මැතිතුමාය. වර්තමාන ප්‍රධාන ගේට්ටුව පවතින ස්ථානයේ සිට අතීතයේ මුල්ම ස්ථිර ගොඩනැගිල්ල හෙවත් වර්තමාන විද්‍යාගාර සංකීර්ණය තෙක් පිය ගැට පෙළක් වූ බවත් දෙපස
එළවළු හා පලා වර්ග වගා කොට තිබූ බවත් කියවේ. මෙම කාල වකවානුවේ පාසලේ උදය කාලය පෙ.ව. 10.00 හෝ 10.30 පමණ වන තෙක් කෘෂිකාර්මික විෂය උගන්වා ඇති බව සඳහන් වේ.
කෘෂිකාර්මික කටයුතුවල නිරත සිසු සිසුවියන්
![]() |
![]() |
1967 පළ කරන ලද නව යුගය සඟරාවෙන් උපුටා ගන්නා ලදී.
මේ සමයේ දෙවන ලෝක මහා සංග්‍රාමය පැවතියත් එය තෝලංගමුව ග්‍රාමයට නොදැනීමට හේතු වී ඇත්තේ පාසලේ පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාව ය. මීට අතිරේකව පාසල් විෂය මාලාව තුළ ඉතිහාසය, සිංහල, සාහිත්‍යය, භූ ගෝලය, චිත්‍ර, ග්‍රාමීය විද්‍යාව හා අංක ගණිතය විෂයයන් ද උගන්වා ඇත. මෙම කාල පරිච්ඡේදයේ දී 8 වසරේ ඉගෙන ගත් සිසුන් රජයෙන් පැවැත් වූ කණිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට යොමු කර ඇති අතර සමත් වූවන් ට සහතික පත්‍රයක් පිරිනමා ඇත. එමඟින් රැකියා සඳහා ප්‍රවේශ වීමේ සුදුසුකම් සපුරා ඇති අතර අවශ්‍ය නම් 10 වසර වන තෙක් ඉගෙන ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය ට පෙනී සිටීමේ වරම් ලබා ගැනීමේ අවකාශ ලැබී ඇත. 1944 වර්ෂය පමණ වන විට ග්‍රාමීය මිශ්‍ර පාසල ද්විභාෂා මිශ්‍ර පාසල බවට පරිවර්තනය වූ අතර දෙවන බස ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අරඹා ඇත. පාසල් දරුවන් සඳහා රාජ්‍ය අනුග්‍රහය යටතේ දිවා ආහාර සපයා ඇති බව ද ප්‍රකාශ වේ.
ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රයට අමරණීය වසරක් වූ 1945, කීර්තිමත් අධ්‍යාපන ඇමතිවරයෙකු වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන්ගේ නිදහස් අධ්‍යාපන පනත යටතේ “ මධ්‍ය විද්‍යාල සංකල්පය ” ක්‍රියාවට නැඟුණි. එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු වූ ඩඩ්ලි සේනානායක මැතිඳුන්ගේ බලවත් උද්යෝගය හේතුවෙන් දැදිගම ආසනයට මධ්‍ය විද්‍යාලයක් ලබා දීමට තීරණය විය. විවිධ සොයා බැලීම් හා තීරණ අනුව අවසානයේ තෝලංගමුව ප්‍රදේශය ඒ සඳහා තෝරා ගැනීමට එකඟතාවය පළ කර ඇත. මෙහි දී මධ්‍ය විද්‍යාලයට ප්‍රමාණවත් භූමියක අවශ්‍යතාව පැන නැඟී ඇති බැවින් එම අවස්ථාවේ ඉඩම් හිමි වැවිලිකරුවෙකු වූ දානපති විජේසුන්දර රාළහාමි විසින් පාසලට අවශ්‍ය අක්කර 2 ක පමණ ඉඩමක් පරිත්‍යාග කිරීමට එකඟතාවය පළ කර ඇත.

ඉඩම පරිත්‍යාග කළ දානපති විජේසුන්දර රාළහාමි
1945 ඔකේක්තෝබර් 22 දින දැදිගම පුරවරයේ එකම මධ්‍ය විද්‍යාලය බවට පත් වෙමින් “ විජයබා මධ්‍ය විද්‍යාලය " ලෙසින් පාසල් ඉතිහාසයේ අද්විතීය ඉදිරි ගමනක ඇරඹුම සටහන් කරන ලදී. මෙම වකවානුව වන විට විදුහල්පති ධූරයේ වැඩ බලන ලද්දේ කේ.ඒ. පීරිස් මැතිඳුන්ය. බෙලිගල රාජධානිය
පවත්වාගෙන ගිය තුන් වන විජයභාහු රජතුමාගේ නාමයෙන් මෙම විද්‍යාලය නම් කළ බව සඳහන් වේ. මෙසේ මධ්‍ය විද්‍යාල තත්ත්වයට නම් කිරීමෙන් පසු ප්‍රාථමික විද්‍යාලය වෙන් කරන ලද අතර 6 ශ්‍රේණියෙන් ඉහළට මධ්‍ය මහා විද්‍යාලය වෙනම පාලනයකට නතු විය. වර්ෂ 1946 ජනවාරි 13 දින එන්ඒ (MA) උපාධිධරයෙක් වූ ද පසු කලෙක විද්‍යාලයට කීර්තියක් හා අභිමානයක් ගෙන දුන් විදුහල්පතිවරයෙකු වූ පී. තේනබදු මැතිතුමා පත් කොට එවන ලදී. පසු කාලීනව අධ්‍යාපන ක්ෂේත්රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්රයන් හි ද විෂය බාහිර කටයුතු තුළින් ද තෝලංගමුව විජයභා මධ්‍ය විද්‍යාලය දිවයිනේ දස දෙස ජය කෙහෙළි නැංවීමට සමත් ප්රතාපවත් විදු බිමක් විය.








